ADA
www.ada.lk
2025 අගෝස්තු මස 04 වන සඳුදා
මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු එළඹෙන 11 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ අධ්‍යයන චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (03දා) මේ බව සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය හරහා රජරට ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු සියලු ජල අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂිත අතර, %ඉහළ ඇළහැර ව්‍යාපෘතිය^ හා වයඹ ගොවි ජනතාවට ජලය රැගෙන යන වාරි ඇළ ඉදිකිරීමේ සමාරම්භක කටයුතුද ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 1200 ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් 29.5 ක වපසරියක ජලධාරිතාවකින් යුක්ත වන අතර, එහි සිට රජරට ප්‍ර‘දේශයට ඉදිවන ඇළ මාර්ගය කිලෝමීටර් 102 ක දිගින් යුක්තය. එය මහකනදරාව වැව දක්වා ඉදිකිරීමට යෝජිතය.
මෙයින් කුඩාවැව් 1500කට පමණ ජලය ලබාදෙන අතර ඒ තුළින් කුඹුරු හෙක්ටයාර 94,000 ක් වගා කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 25 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බලපද්ධතියට එක්කිරීමටද අපේක්ෂිතය.
popular news
දිවිනසාගත් යටිනුවර සභාපති ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 50ක් අරගෙන නෑ
කණ්ඩලමේ හැඩකාරයාට උපකාර කරපු තරුණයට අලි රංචුවක් දීපු දඩුවම
පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ
විරාජ් තාඹුගලගෙන් හා පියුමි හංසමාලිගෙන් රු. කෝටි 42ක ’බදු පොල්ලක්’
ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ එයි, තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගැන ගත් තීරණය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd