ADA
www.ada.lk
2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා
බෞද්ධ දර්ශනය තුළ ගැටුම්වලට හා දුගී බවට විසඳුම් ලබාදී තිබෙන බවත්, මහනුවර ප්රකාශනයෙන් එකඟ වූ කරුණු සාක්ෂාත් කර ගැනීමට කැපවීමෙන් තිරසර සංවර්ධනය සහ තිරසර සාමය පිළිබඳ අරමුණු ඉටුකර ගනිමින් බොහෝ අන්තර්ජාතික ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට හැකි වන බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ සඳහා සියලුදෙනා කැපවිය යුතු බවත් මහනුවර ප්රකාශනයේ සඳහන් පරිදි බෞද්ධ රටවල ඒකාබද්ධ වූ වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14දා) පස්වරුවේ මහනුවර, ඓතිහාසික දළදා මාළිගාව පරිශ්‍රයේ පැවති එක්සත් ජාතින්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සමාප්ති උත්සවය අමතමිනි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනි බිද්යා දේවි බණ්දාරි මැතිණිය එක් වූවාය. ලොව බෞද්ධ රටවල් 72 ක පමණ විශේෂ නියෝජිතයින් මෙම උත්සවයට එක්ව සිටී අතර බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය වෙනුවෙන් සහ ලොව පවතින ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන් ලබාදෙන විසඳුම් ප්‍රායෝගික කර ගැනීම සඳහා ජාත්‍යන්තරව ගෙන යා යුතු වැඩපිළිවෙළ ඇතුළත් යෝජනාවලිය වූ මහනුවර ප්රකාශනය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව ඒකරාශි කර ගනිමින් බෞද්ධ සංවිධානයක් පිහිටුවිමට ප්‍රමාදයකින් තොරව කටයුතු කිරීම, අධ්‍යාත්මික හර පද්ධතීන් යටපත් කරමින් මතුවන භෞතිකවාදය හේතුවෙන් මානව සමාජය තුළ සිදුවෙමින් පවතින බරපතළ විනාශයෙන් සහ ඉදිරියේදී ඇතිවන ව්‍යසනයන්ගෙන් සියලු සත්වයන් මෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීම,
තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් එහි ඇති අන්තරාදායක බව සහ ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, මානවයා තුළ තිබිය යුතු සාරධර්ම සහ අධ්‍යාත්මික ගුණාංග පිරිහීමට පත්වෙමින් පවතින හෙයින් නැවත එම සාරධර්ම හා අධ්‍යාත්මික ගුණවගාවන්ගෙන් හෙබි ධාර්මික ජීවිත ගත කිරීමට මාර්ගෝපදේශන සැපයිය හැකි මාධ්‍ය ජාලයක් තුළින් බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම, ලොව තුළ දිගුකාලීනව පවතින අන්තර් ආගමික සහජීවනය පවත්වාගෙන යාමෙහිලා පවතින ප්රමුඛ වගකීම ඉටුකිරීම ඇතුළු කරුණු 09 ක් මෙම මහනුවර ප්‍රකාශයට ඇතුළත්ය.
මල්වතු, අස්ගිරි උභය විහාරයීය මහානායක ස්වාමින් වහන්සේලා ප්රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසූරිය මහතා සහ මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ බෞද්ධ රටවල නියෝජතයින් මෙම සමාප්ති උත්සවයට එක්ව සිටියහ.
popular news
දයා ගමගේට අයත් ඉඩමක් වෙන්දේසි කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
මූල්‍ය ආයතනයකට රු. කෝටි 2ක පොල්ලක් තැබූ ව්‍යාපාරිකයෙක් අල්ලයි
තමන්නා ලංකාවට, මාධ්‍ය ඉදිරියට නොඑයි
කතරගම නිලමේ නැවතත් බස්නායක නිලවරණයට නොඑයි
සුප්‍රිම් සැට් සමාගමෙන් තවත් නිවේදනයක්
මන්ත්‍රී වැටුප පිළිකා රෝගීන්ට, සභාවෙන් කෑම බීමත් එපා කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd