www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
(UPDATED) සෞදි අරාබියේ මක්කම පූජනීය නගරයෙන් පිටත පිහිටි සුප්‍රසිද්ධ මිනා ප්‍රදේශය ආශ්‍රිතව අද (24දා) සිදුවූ තෙරපීම නිසා හජ් වන්දනාවට සහභාගි වී සිටි මුස්ලිම් බැතිමත්හු 700 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවද 863ක් පමණ වනු ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
බලධාරින්ට අනුව මෙම අවාසනාවන්ත සිදුවීම වන්දනාකරුවන්ගේ කඳවුරු දෙකක් එකිනෙක වෙන්වන ස්ථානයේ පිහිටා ඇති මාර්ගයක් ආසන්නයේදී හට ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් විනයක් නැති වන්දනාකරුවන්ට තමන් චෝදනා කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. මෙවර හජ් වන්දනාව සඳහා ලක්ෂ 20කට වැඩි මුස්ලිම් බැතිමතුන් පිරිසක් මක්කම පූජනීය නගරය වෙත පැමිණ සිටි බව විදෙස් වාර්තා පවසයි.
වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාවේ වසර 25ක ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස මෙය සැලකෙන අතර, මීට පෙර 1990 වසරේදී වන්දනාකරුවන් 1,426 දෙනෙකු මක්කම ආසන්න උමං මාර්ගයක් තුළ හුස්ම හිරවීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd