පොසෙන් පොහොය අදයි
- 12 06 2014
- 08:49
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්රී ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් පොහොය දිනයක් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට(12දා) යෙදී තිබේ.
අනුබුදු මිහිඳු මාහිමියන් ප්රමුඛ ධර්මදූත කණ්ඩායම දඔදිව සිට මිහින්තලයේ මිස්සක පව්වට වැඩමකොට දෙවනපෑතිස්රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කරන ලද්දේ අද වැනි පොසොන් පුර පොහොය දිනකය.
පොසොන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා බැතිමත්හු ආමිස, ප්රතිපත්ති පූජා රැසක් සිදුකරති.
විජය පුවත්පත් සමාගම 11 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පුජාව ඓතිහාසික තන්තිරිමලේ පුදබිම තුළ දී අද (12දා),හෙට (13දා) සහ අනිද්දා (14දා) තෙදින තුළ පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
