පැරණි මස්කෙළිය නගරය යළිත් මතුවෙයි
පවතින දැඩි වියළි කාලගුණයත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්රයෙන් පහත බැසීමත් සමග පැරණි මස්කෙළිය නගරයේ නටබුන් නැවත මතුවෙමින් පවතී.
ජලාශයේ ජල මට්ටම ඊයේ (12දා) පෙරවරුව වන විට පිටාර මට්ටමේ සිට අඩි 38 පහත බැස ඇති බවත්, එය ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 50% කට ආසන්නව පවතින බවත් ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
තව අඩි 12ක් ජලය බැස යාමට ප්රථම වර්ෂාව නොලැබුණහොත් මාවුස්සාකැලේ ජලාශයෙන් විදුලි උත්පාදනය සඳහා ජලය ලබාගැනීමට නොහැකිවන බවද ඔවුහු පෙන්වා දෙති.
ජල මට්ටම පහත බැසීම නිසා පැරණි මස්කෙළිය නගරයේ ජලයට යටවී තිබූ සියලු ආගමික සිද්ධස්ථාන මේ වන විට මතුවී ඇති අයුරු දැක ගත හැකිය. ඒ අතර බෞද්ධ විහාරය සමග සමාධි බුද්ධ ප්රතිමාව, බෝධිය, ශ්රී කදිරේෂන් හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය හා පුල්ලෙයාර් කෝවිල වේ. සම්පූර්ණ ගලෙන් නිම කර ඇති ගල් පාලමද මේ වන විට මතුවී ඇත.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.









