ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා
UPDATE විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති සිසුන් සංඛ්‍යාව 19දක්වා ඉහල ගොස් ඇති අතර එක් සිසුවෙකුගේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බවට රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.
අද(17දා) පැවති සයිටම් සිසු විරෝධතාවයට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතරුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඇතුලු සිසුන් 08ක් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව මෙම ප්‍රහාරය හේතුවෙන් සරසවි සිසුවියක් ඇතුලු 10දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ විහාරමහා දේවි උද්‍යානය තුලට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරයි.
මේ අනුව මෙම විරෝධතාවය පාලනය සඳහා මේ වන විට කඳුලු ගෑස් ප්‍රහාර 100කට වඩා එල්ල කර ඇත.
සයිටම් විරෝධී සිසු පාගමන හේතුවෙන් මේ වන විට 138 මාර්ගය හා 120 මාර්ග සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
සිසු විරෝධතා පාගමනක් හේතුවෙන් ලොටස් පාර වසා දමා ඇත.
මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.
මෙම පාගමන වැළැක්වීම සඳහා පෑලියගොඩ පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
පොහොට්ටුවේ තිස්ස කුට්ටි අපුරට එපා කියයි
පාර්ලිමේන්තු මුළුතැන්ගේ මීයෝ නෑ - මන්ත්‍රී ප්‍රසාද්
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd