පාකිස්තානු සයිෆ් නෞකාව කොළඹට පැමිණෙයි
- 5 11 2017
- 15:10
- {{hitsCtrl.values.hits}} views
- . .
පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව අද ( 05දා) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
සයිෆ් නෞකාව දිගින් මීටර් 123 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 13.2 ක් වේ. ටොන් 3144 ක ධාරිතාවකින් යුක්ත නෞකාවේ 255 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.
සිව් දින නිල සංචාරයක් සඳහා නෞකාව නොවැම්බර් මස 08 වන දින මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



