පස්වැනි ආරක්ෂක සමුළුව ඇරඹෙයි
යුද්ධය අවසන් කර වසර පහකට පසු ශ්රී ලංකාවේ පවතින සාමකාමී හා සශ්රීක භාවය පිළිබඳ තමන් සතුට පත්වන බව ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති ෆමීඩ් කර්සායි මහතා පැවසීය.
අද (01දා) ආරම්භවූ පස්වැනි ආරක්ෂක සමුළුවේ ප්රධාන දේශනය සිදුකරමින් ඒ මහතා සඳහන් කළේ ශ්රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුවේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේනයන්ගේ ආරාධනාව ලද පසු තමන්ට නැවත වරක් ශ්රී ලංකාවට පැමිණීමට ආරාධනාවක් ලැබීම පිළිබඳව තමන් දෙවියන්ට ස්තුති කළ බවයි.
ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා, ඇතුළු දෙස් විදෙස් ආරක්ෂක අංශ ප්රධානීන් හා නියෝජිතයෝ 350ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.
සමුළුව අද (01දා) හා හෙට (02දා) යන දෙදින තුළ කොළඹ ගලදාරි හෝටල් පරිශ්ර‘යේදී පැවැත්වේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

