www.ada.lk
2026 ජුලි මස 14 වන අඟහරුවාදා
ශ්රී ලංකා දේශීය ක්රිකට් ක්රීඩාව නංවනු වස් පළමුපෙළ තරග ක්රීඩා කරන ක්රීඩා සමාජ 24කට පන්දු යැවීමේ උපකරණ ලබාදීම අද (15දා) ශ්රී ලංකා ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්රධානත්වයෙන් ක්රිකට් ආයතනයේදී පැවැත්විණි.
මෙම එක් පන්දුයැවීමේ යන්ත්රයක මිල රුපියල් ලක්ෂ 07ක් වන අතර, එය මෙරටට ආනයනය කිරීමේදී රුපියල්ලක්ෂ 05ක් වැනි මුදලක් වැයකර පන්දු යැවීමේ උපකරණ 24ක් මෙරටට ගෙනැවිත් තිබේ. මෙම පන්දු යැවීමේ යන්ත්රයෙන් පැයට කිලෝමීටර් 160ක වේගධාරිතාවකින් පන්දුව යොමුකළ හැකි අතර, එය පළමුපෙළ ක්රීඩා සමාජ 24 සඳහා බෙදාදීමේදී එක් ක්රීඩා සමාජයකින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් අයකරන බව ක්රිකට් සභාපතිවරයා ප්රකාශ කළේය.
මීට අමතරව ජාතික කණ්ඩායම සඳහා 'මර්ලින්' නම් විශේෂිත දඟපන්දු උපකරණ 02ක් මේවනවිටත් මෙරටට ආනයනය කිරීමට ක්රිකට් ආයතනය පියවරගෙන තිබේ.එහි එක් උපකරණයක මිල රුපියල් ලක්ෂ 17ක් වේ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නැත්ත වෙනුවට ඇත්ත නිසා විමල්ට ටිල්වින් සිල්වාට රු. මිලියනයක් ගෙවන්න වෙයි
පැරණි බෝගම්බර යලි සුද්දකරයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd