ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (23දා) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු බේරා ගෙන ඇත.
මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් (IPC) මගින් මෙම අලි දෙදෙනා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත. මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඔහුන්ගේද සහය ඇතිව නාවික හමුදා පුද්ගලයින් විසින් අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරන ලදි.
පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03) සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන ඒමට නාවික පුද්ගලයින් කටයුතු කළ අතර, අලි දෙදෙනා කෙවුලියා තුඩුව (ෆවුල් තුඩුව) ප්‍රදේශයට මුදා හැරිමට කටයුතු කෙරිණි.
මේ අයුරින්ම එම විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජුලි 11 වන දින කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට කටයුතු කරන ලදි. එය ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද දැඩි අවධානයක් දිනාගත් මාතෘකාවක් බවට පත්විය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd