ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
කෙතරම් දියුණු රටක් වුවද නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් වන තර්ජන හා අභියෝග එක් රටකට තනිව ජයගත නොහැකි බවත්, සාගර ආරක්ෂාව හා තර්ජනය සඳහා විසඳුම් සෙවීමට රටවල් එක්ව යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කොළඹදී ඊයේ (09දා) ආරම්භ වූ ගාලු කතිකාවත සම්මන්ත්‍රණය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වර්තමානය වනවිට ලෝක නායකයන්, ව්‍යාපාරිකයන් අනෙකුත් රටවල් සමග සබඳතා පැවැත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, එහිදී නාවික සබඳතා වැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් ඔහු කීය.
“ශ්‍රී ලංකාවේ පිහිටීම අතීතයේ පටන් වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. මේ වනවිට දිනකට නැව් 200 ක් පමණ ශ්‍රී ලංකාවට හරහා ගමන් කරනවා. ඔබ අපගේ අතීතය දෙස බැලුවොත් අපට ඉතාමත් ගැඹුරට යන නාවික ඉතිහාසයක් තිබෙනවා.
ශ්‍රී ලංකාව හරහා බටහිර හා නැගෙනහිර යාවුණා. ශ්‍රීලංකාවේ මේ පිහිටීම හරහා ඉන්දීය සාගරයේ වෙළෙඳාම හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන් අනාගතයේදී අපට විශාල වර්ධනයක් ලබාගන්න පුළුවන්.
එක් රටකට නාවික ගමනාගමනයේදී පවතින තර්ජන හා අභියෝග තනිව විසඳන්න බෑ. ඉන්දීය සාගර කලාපය නිදහස්ව තබාගැනීමට අපි ජාත්‍යන්තර වශයෙන් සහාය ඉල්ලුවා. අපිට ඒ සඳහා බොහෝ රටවල් කොන්දේසි විරහිතව සහාය දැක්වූවා. විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලයේදී” යනුවෙන්ද අමාත්‍යවරයා කියා සිටියේය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd