නාමල් අැතුළු පිරිස බන්ධනාගාරයට රැගෙන යද්දී ටයර් පුළුස්සයි
හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔවුහු තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
මෙම පිරිස එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පසුව ඔවුහු බන්ධනාගාරයට රැගෙන යන විට ටයර් පුළුස්සා මාර්ගය අවහිර කිරීමට ජනතාව කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් සුළු ප්රමාදයකින් පසුව බන්ධනාගාර බස් රථය තංගල්ල බන්ධනාගායට පැමිණියේය.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩී. වී. චානක සහ ප්රසන්න රණවීර ද වෙයි.
මීට අමතරව උපාලි කොඩිකාර ,සම්පත් අතුකෝරල යන පළාත් සභා මන්ත්රීවරුත් හිටපු මේජර් අජිත් ප්රසන්නත් අත්අඩංගුවට පත්ව තිබේ.
නීති විරෝධී ජන රාශිය, පොදු දේපොළ වලට හානි සිදු කිරීම,පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම , රාජකාරියට බාධා කිරීම, අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබේ.
හම්බන්තොට පැවැති විරෝධතාවය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







