නාඩුකුට්ටි කලපුවෙන් හමුවූ ඇත් අස්ථි කොටස් DNA පරීක්ෂණයකට
පුත්තලම නාඩුකුට්ටි කලපු ප්රදේශයට ආසන්න කැලෑ පෙදෙසක තිබූ විශාල ඇතෙකුගේ අස්ථී කොටස් පසුගියදා සිදු කළ මෙහෙයුමකදී සොයා ගැනීමට හැකි වූ බව අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය පවසයි.
වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට පොලිස් නිලධාරීන් එක්ව, විල්පත්තු රක්ෂිතය මැදින් ගමන් කර නාඩුකුට්ටි කලපුව හරහා බෝට්ටුවලින් ගොස් සිදු කළ දුෂ්කර මෙහෙයුමකදී මෙම අස්ථී කොටස් සොයා ගැනීමට හැකි ව තිබේ.
විල්පත්තු රක්ෂිතයට මායිම්ව පිහිටි මන්නාරම ශිලාවතුර ප්රදේශයේ දී වළදමා තිබූ ඇත් දළ යුගලක් සැකකරුවන් තුන්දෙනෙකු සමග අත්අඩංගුවට ගනු ලැබූ අතර එම ඇත් දළ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන්ට වනජීවි නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.
මෙම ඇතාගේ හිස් කබලේ ඇති දළ කුහරයන් හා පසුගිය දා විල්පත්තු රක්ෂිතයේ දී අත් අඩංගුවට ගත් දළ යුගලයේ වට ප්රමාණය සැසඳෙන බවට සැකකරන නිසා දළ යුගල හා එම අස්ථි කොටස් එකම සතෙකුගේ ද යන්න තහවුරු කර ගැනීමට එම අස්ථි කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යවා ඇතැයි පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





