ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා
ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය වන හැටන් සිංගිමලේ දුම්රිය උමග තුළ බැඳ තිබෙන වැහිලිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සූදානම් කර තිබියදී එම වැහිලිහිණි කූඩු තොගය සමග අත්අඩංගුවට ගැනීමට ඊයේ(30දා) හැකිවූ බව හැටන් පොලීසිය සඳහන් කරයි.
එම වැහිලිහිණි කූඩුවල මැලියම් විශේෂයක් සුප් වර්ගයක් සෑදීම යොදාගන්නා අතර, ඒ හෙයින් තරු පහේ හෝටල්වල මේ සඳහා අධික ඉල්ලුමක් පවතින බවත්, සැකකරු පොලීසියට පවසා ඇතැයි පොලීසිය පවසයි.
මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම උමග තුළ මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ බව හැටන් පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම වැහිලිහිණි කූඩු තොගය ඉතා රහසිගතව සඟවා තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
වනජීවී ආඥා පනතට අනුව වැහිලිහිණි කූඩු කඩාදැමීම සපුරා තහනම් බවත් පොලීසිය සඳහන් කර සිටියි.
ඒ අනුව මෙම සැකකරු අද(31දා) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.සිදුවීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
popular news
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ලෝක විවාහක රූ රැජින කටුනායකට
2025 ලෝක රූ රැජිනට ටිෂානි පෙරේරා අපෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd