චීන ජාතිකයන් තිදෙනෙක් තාවකාලික පැවිද්ද ලබති
චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී තාවකාලික පැවිදි භාවය ලබාගැනීම අද (26දා) බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන්ගේ මැදිහත්වීම මත චීනයේ තාලියන්න නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකු, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හා එරට විශ්වවිද්‍යාලයක චිත්‍ර විෂය පිළිබඳ මහාචාර්යවරයෙකු මෙසේ තාවකාලික පැවිද්ද ලබා ගැනීම සිදු කළහ.
මෙම තිදෙනා අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට තාවකාලික පැවිද්ද ලබා ගැනීමෙන් පසු තාලියම් පදුමකිත්ති , තාලියම් පඤ්ඤාකිත්ති, තාලියම් සුමනකීර්ති යන නම්වලින් හඳුන්වති.
මෙම පිරිස අවුකන විහාර සංඝාවාසයේ සිට පෙරහරකින් අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටට ගොස් මහා සංඝරත්නය ඉදිරියේ තාවකාලික පැවිද්ද ලබා ගැනීම සිදු කළහ.
මේ අවස්ථාවේදී අනුශාසනාවක් පවත්වමින් අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නා හිමියන් කියා සිටියේ චීන ජාතික බොහෝදෙනෙකු අවුකන පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරන්තරයෙන් යෙදෙන බවය. ඒ අතර චීනයේ පදිංචිව සිටි මෙම කණ්ඩායම බුදුදහම කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් තාවකාලික පැවිද්ද ඉල්ලා සිටි බවත් දෙසතියක කාලයක් විහාරස්ථානයේ වැඩ සිටිමින් බුදුදහම පිළිබඳව ඉගෙන ගැනීම භාවනා යෝගීව වැඩ සිටීම සිදු කරන බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







