ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා
හකුරුවෙල, කොටවාය මහ විදුහලේ සංවර්ධන කටයුත්තක් සඳහා එහි තිබූ අවුරුදු 100කට අධික පැරණි පලුගස ඉවත් කිරිමෙන් පසුව පාසලේ ගුරුවරුන් හා සිසු දරුවන් එක්ව අද (22දා) මතක බණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව ගස කපා දින 07ක් වන අද උදෑසන ප්‍රදේශයේ නායක භික්ෂූන් වහන්සේලා වැඩමවා මතක බණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත්, ඉන් අනතුරුව පරිසර ගීතය ගායනා කළ බවත් එම පාසලේ ගුරුවරු පැවසූහ.
කොටවාය මහ විදුහලේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය උගන්වන සමීර උදයංග මහතා ප්රමුඛ පාසලේ තෙවැනි ඇස මාධ්‍ය ඒකකයේ දරු දැරියන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ වලස්මුල්ල කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයේ විශ්‍රාමික කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු වූ ධර්මදාස වත්තේගම මහතා,
“මීට වසර හතළිහකට පෙර මේ පාසලේ එක ශ්‍රේණියේ ඉඳලා එකොළහ ශ්‍රේණිය දක්වා මම ඉගෙන ගත්තා. එතකොට පාසලේ තිබුණෙ ගොඩනැගිල්ලක් පමණයි. ඒ නිසා බොහොමයක් පන්ති පැවැත්වූයේ ගස්යට. අපේ පස්වැනි පන්තිය තිබුණේ මේ පලුගහ යට. අපිට ඉගැන්නුවේ නන්දාවතී මිස්. මම හිතන්නෙ මේ පලුගසට අවුරුදු 150ක් විතර වෙනවා. සංවර්ධනය ඕන, නමුත් ගහකොළ ආරක්ෂා කරගෙන එය සිදුකළ යුතුය" යැයි පැවසීය.
popular news
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ලෝක විවාහක රූ රැජින කටුනායකට
2025 ලෝක රූ රැජිනට ටිෂානි පෙරේරා අපෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd