කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු අධිකාරියට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සාර්ථකව පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 60කු ඊයේ (17දා) දියතලාවේදී විසිර ගියේය.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.
මෙම කෙඩෙට් නිලධාරීන් වෙත අධිකාරිය සංකේතවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අසිපත් පිළිගැන් වූ අතර, අනතුරුව නව නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාර පෙළපාළියක්ද පවත්වන ලදී.
මෙහිදි කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 83 සහ ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 57 හි පිළිවෙළින් බළඇණි මෙහෙයුම් නිලධාරී ඩී.යූ.අයි.එල් ගොඩකුඹුරේගේදර සහ ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ඒ.සී.පී. කුමාර විසින් දක්ෂතම කෙඩෙට් නිලධාරීන්ට හිමි අසිපත් හිමි කර ගන්නා ලදී.
2014 නොවැම්බර් මස 12 දින ආරම්භ වී මාස 30ක කාලයක් පැවැති නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 83 යටතේ කෙඩෙට් නිලධාරීහු 36ක් ද, 2016 ජනවාරි 04 ආරම්භ වී මාස 18ක කාලයක් පූරා පැවැති ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 57 යටතේ කෙඩෙට් නිලධාරීහු 24ක් ද මෙහිදී අධිකාරියට පත් කෙරුණහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

