ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සොයන්න කමිටුවක්
- 22 06 2017
- 13:09
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ ශාරීරික යෝග්‍යතාව සොයා බැලීම සඳහා ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.
සිම්බාබ්වේ හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්හි එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාර වෙනුවෙන් මෙම පත්කිරීම සඳහා සිදුකර තිබේ.
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේදී පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයේ පරාජයෙන් පසුව ඒ පිළිබදව අවධානය යොමුකරමින් මෙම පත්කිරීම සිදුකර බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව ඉදිරි තරගාවලි දෙක වෙනුවෙන් තෝරාගත් 30 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (21දා) ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
