එක්ස්ට්‍රීම් චැලෙන්න්ජ් 2016
කූපටයර්ස් ආයතනය පළමු වරට සංවිධානය කළ 'එක්ස්ට්‍රීම් චැලෙන්න්ජ් 4x4 – 2016' ෆෝ බයි ෆෝ ධාවන තරගාවලිය වෙන්නප්පුව නයිනමඩම රිවර්ස් - එජ් ධාවන පථයේදී පසුගිය සෙනසුරාදා (26දා) නිමාවට පත්විය. එක්ස්ට්‍රීම් හා ස්ටෑන්ඩඩ් ලෙස දෙයංශයෙන්ම පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ජනප්‍රිය හා ප්‍රවීණ ධාවකයෝ රැසක් සහභාගි වූහ.
මෙහි එක්ස්ට්‍රීම් අංශයේ ශූරතාව දිනාගැනීමට දමිත් අසංක හා ඔහුගේ සහාය රියදුරු චරිත් මධුශාන් සමත් වූහ. මීට අමතරව එම කාණ්ඩයේ අනුශූරතාව ෂෙහාර ජයසේකර හා ඔහුගේ සහාය රියදුරු රවිඳු ධනංජය විසින්ද, තෙවැනි ස්ථානය වජිර කුමාර හා ඔහුගේ සහාය රියදුරු සම්පත් රණසිංහ විසින්ද දිනාගන්නා ලදී.
මීට අමතරව ස්ටෑන්ඩඩ් අංශයේ ශූරතාව එම්.ඒ.ආර්.එස්.කේ. ප්‍රනාන්දු හා ඔහුගේ සහාය රියදුරු දිලාන් මහේෂ් විසින් දිනාගනු ලැබීය. මෙහි පළමු අනුශූරතාව පාලිත කොස්වත්ත හා ඔහුගේ සහාය රියදුරු මුදිත දෙහිගොල්ල විසින්ද, දෙවැනි අනුශූරතාව ඩී.ජී.එච්.ජී. ප්‍රනාන්දු හා ඔහුගේ සහාය රියදුරු පී.ඒ. ගාමිණී වික්‍රමසිංහ විසින්ද දිනාගනු ලැබීය.
තරගාවලිය සඳහා ඉදිරිපත් වූ සියලු තරගකරුවන්ට සහභාගීත්ව සහතිකයක් හා පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණි.
ඡායාරූප - චානුක කුලසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





































































