ADA
www.ada.lk
2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා
ධීවරයන් දෙපිරිසක් කල්පිටිය කන්දකුලිය කුරිකූන්පිටිය මංසන්ධියේ අද (21දා) දහවල් පැවැති විරෝධතාවක් අතරතුරදී ඇතිවූ ගැටුම හේතුවෙන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා වාහන හා යතුරු පැදි කිහිපයක් ගිනිබත් වූ බව කල්පිටිය පොලීසිය පවසයි.
ලයිලා හා සුරුක්කු තහනම් දැල් තහනම නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඊයේ (20දා) දින කන්දකුලිය කුරිකූන්පිටිය මංසන්ධියේ 1000 කට වැඩි පිරිසක සුළු පන්න ධීවරයන් පිරිසක් කල්පිටිය ප්‍රධාන මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරතව තිබුණි.
එම විරෝධතාව දෙවැනි දිනටත් අද පැවත්වෙමින් තිබියදී ලයිලා හා සුරුක්කු ධීවරයන් කල්පිටියේ සිට පා ගමනින් සුළු පන්න ධිවරයන් පැමිණ කන්දකුලියේ ධීවරයන් අතර ගැටුමක් බවට පත්ව තිබුණි.
කඩු පොළු කිනිසි හා යකඩ පටි බයිසිකල් දම්වැල්වලින් සන්නද්ධව සිටි දෙපිරිසේම ධීවරයන් අද (21දා) පෙරවරු 10 සිට දහවල් වනතුරු දැවැන්ත ගැටුමක් ඇති කරගෙන තිබුනද එය වැළැක්වීමට පොලීසිය උත්සාහ ගෙන තිබුණද එය සාර්ථක නොවුණි.
ගැටුමෙන් දෙපිරිසේම 10 දෙනෙකුට ආසන්න පිරිසක් කැපුම් තුවාල හා පහර කෑමට ලක්ව තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත්ව පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ගිලන් රථ මගින් රැගෙන යාම සිදුවිය.
ගැටුම අතරතුරදී ලොරි රථයක් හා යතුරු පැදි පහක් ගිනිතැබීම සිදුවිය. එම ස්ථානය යුද පිටියක් බවට පත්ව තිබූ අතර, එම තත්ත්වය කිසිදු ආකාරයක පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකියාවක් නොතිබුණි.
දෙපිරිසේ ගැටුම පැවැති ස්ථානයට පැමිණි කතෝලික පූජකවරුන් පිරිසක් මෙම තත්ත්වය පාලනය කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබුණි. නමුත් කිසිදු දේශපාලඥයෙකු එම ස්ථානයට මැදිහත් වීමක් සිදුනොවීය.
මෙම ගැටලුව විසඳීමට සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ධීවර ඇමතිවරයා දෙපිරිසේම පිරිස් සවස වනවිට මීගමුවට කැඳවා තිබුණි. ඒ සමගම 20 දින සිට වසා දමා තිබූ කල්පිටිය පුත්තලම මාර්ගය විවෘත කිරීමට දෙපාර්ශ්වයම එකඟවීම නිසා මාර්ගය යථා තත්ත්වයට පත්විය.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd