www.ada.lk
2026 ජුලි මස 13 වන සඳුදා
යාපනය, කිළිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් රත්නප්රිය බන්දු මහතා විශ්වමඩු අණදෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යෑම වෙනුවෙන් ඊයේ (10දා) උත්සවයක් සංවිධානය කර තිබිණි.
කිළිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේදී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, සිවිල් ආරක්ෂක නිලධාරීන්, පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් හා ප්රදේශවාසීහු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
රත්නප්රිය බන්දු මහතා මෙම ප්රදේශයට පැමිණ වසර පහමාරක පමණ කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබිණි.
හෙතෙම ස්ථාන මාරු ලබා පිටව යන අවස්ථාවේදී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්රදේශවාසීන්කඳුළින් පිරි දෙනෙතින් යුතුව ඔහුට සමුදෙනු දැකගත හැකි විය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
ලෝක ශූර ඉන්දියාවට අන්ත පරාජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd