ADA
www.ada.lk
2025 ජුලි මස 21 වන සඳුදා
ලෝක කසලාන රග්බි ඉතිහාසයේ පිට පිට ශූරතාවන් ද්විත්වයක් හිිමි කරගත් පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්තය සමත් විය. ඒ මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබමිනි.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වුවද උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයකින් ඔස්ට්‍රේලියානුවන් මෙල්ල කරමින් ඉදිරියෙන් රැදී සිටීමට නවසීලන්තය සමත්වීම විශේෂත්වයකි.
නවසීලන්තය වෙනුවෙන් නෙහෙ මිල්නේ ස්කඩර්, මා නෝනු හා බූඩන් බැරට් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙකක් , දඩුවම් පහර 4 ක් හා ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමට ඩෑන් කාටර් සමත් විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් පෝකොක් හා ටැවිටා කුරිඩ්රානි උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම ද්විත්වයම හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට බර්නාඩ් ෆොලී සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය නවසීලන්ත වෙනුවෙන් පාදයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩෑන් කාටර්ට හිමි විය.
popular news
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
සහරාන්ගේ අක්කර 21ක ඉඩමක් වන අලින්ගේ වාස භූමියක් වෙලා
නවසීලන්ත කාන්තාවකට අතවර කළයි හිමි නමක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd