www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
ලෝක කසලාන රග්බි ඉතිහාසයේ පිට පිට ශූරතාවන් ද්විත්වයක් හිිමි කරගත් පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්තය සමත් විය. ඒ මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබමිනි.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වුවද උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයකින් ඔස්ට්‍රේලියානුවන් මෙල්ල කරමින් ඉදිරියෙන් රැදී සිටීමට නවසීලන්තය සමත්වීම විශේෂත්වයකි.
නවසීලන්තය වෙනුවෙන් නෙහෙ මිල්නේ ස්කඩර්, මා නෝනු හා බූඩන් බැරට් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙකක් , දඩුවම් පහර 4 ක් හා ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමට ඩෑන් කාටර් සමත් විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් පෝකොක් හා ටැවිටා කුරිඩ්රානි උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම ද්විත්වයම හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට බර්නාඩ් ෆොලී සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය නවසීලන්ත වෙනුවෙන් පාදයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩෑන් කාටර්ට හිමි විය.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඇමෙරිකාවේ තවත් දැවැන්ත යුද නැවක් මැදපෙරදිගට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd