උතුරේ හර්තාල්
යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට ශෝකය පළ කරමින්,එයට වගකිවයුත්තන්ට වහාම නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (25දා) උතුරු පළාත පුරා හර්තාලයක් ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය ජනජීවිතය අඩාළ වී තිබිණි.
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල පිහිටි සියලු වෙළෙඳසැල් වසා දමා තිබූ අතර, උතුරු පළාතේ බස්ධාවනයද නැවතී තිබීම නිසාවෙන් දෛනික කටයුතු හා රාජකාරි සඳහා පැමිණි මගීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවන්ට පත් වූහ.
මේ අතර උතුරේ පිහිටි සෑම නගරයකම නගර මධ්‍යයේ පිහිටි පාසල් සියල්ලක්ම වසා දමා තිබුණු අතර, පාසල් පැමිණි ඇතැම් පාසල් සිසුන් හා ආචාර්යවරුන් පාසල් වසා දැමීම නිසා යළි නිවෙස් කරා ගමන් කරන අයුරු දැකගන්නටද ලැබිණි.
එමෙන්ම යාපනය සරසවියේ සහ වවුනියාව මණ්ඩපයේ කළුකොඩි ඔසවා තිබූ අයුරුද දක්නට ලැබිණි.
දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ පහසහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේසාමාජිකයන් සමග සිවිල් සංවිධාන කිහිපයක් එක්ව යාපනයේදී පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙසේ උතුරු පළාතේ හර්තාලයක් දියත් කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










