උතුරුමැද සෙංකෝලය දෙකඩ වෙයි
උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව එම පළාත් සභාවේ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව දැඩි උණුසුම්කාරී වාතාවරණයක් යටතේ සම්මත කොට නව සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්රී ඩී.එම්.අමරතුංග මහතා තෝරාපත් කර ගනු ලැබිණි.
උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායම විසින් චෝදනා අටකින් සමන්විත විශ්වාසභංගයක් අද (18දා) ගෙන ආ අතර, ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන්ගේ දැඩි විරෝධතා හමුවේ එය ඒකමතිකව සම්මත කොට සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කෙරිණි.
මේ අතර සභාව පස්වරු 2.00 දක්වා කල් තැබීමට මූලාසනය හෙබවූ මන්ත්රීවරයා තීරණය කළ අතර, කෙසේ වෙතත් අදාළ වේලාවට යළි සභාව රැස් කිරීමට නොහැකි විය. ඒ එතෙක් මුලසුනෙහි මේසය මත තැන්පත් කර තිබූ සෙංකෝලය කිසිවෙකු විසින් සොරාගෙන ගොස් එය කොටස් දෙකකට ගලවා සභාපති නිල කාමරයේ නාන කාමරය තුළ සභාපතිවරයාගේ නිල කබායෙන් ඔතා සඟවා තැබීම හේතුවෙනි.
අනුරාධපුර බී.ජී. චතුරංග/තිසර සමල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

