ADA
www.ada.lk
2025 අගෝස්තු මස 27 වන බදාදා
තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් නොමැති බවත්, උඩපන්දුවක් ගිලිහීම තරගයේ පරාජයට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, අද (14දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
“මට කිසි කලකිරීමක් නැහැ. මමත් ඕන තරම් උඩපන්දු අතහැරලා තිබෙනවා. ඉතිං උඩපන්දුවක් ගිලිහුණා කියන එක තරගයේ පරාජයට හේතුවක් නෙමෙයි. නමුත් අපි කණ්ඩායමක් විදිහට අපි හොඳට ක්‍රීඩා කළා. අපිට අවශ්‍ය වේලාවේදී සමහර විට උනන්දුව වැඩි නිසා වෙන්න ඇති උඩපන්දු ගිලිහුණේ. ඒ වගේ සිදුවීම් කොයි වේලාවේ වේවිද කියලා කියන්න බැහැ. සමහර විට මම කඩුලු නොගත්තා නම් හැමෝම මට කියයි ඔයා කඩුලු නොගත්ත නිසා තරගය පරාජය වුණා කියලා. නමුත් උඩපන්දුවක් ගිලිහුණාම කියනවා ඒක නිසා තරගය පරාද වුණා කියලා.
මම කඩුලු 05 ක් ගත්තොත් චම්පික සර් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මම නොගත්තොත් මට බනිනවා. ඒක තමයි ඇත්ත. ඒවගේම පන්දු රකිද්දී උඩපන්දුවක් ගිලිහුණාම පන්දු රැකීමේ පුහුණුකරුට බනිනවා. එහෙම නැතුව හොඳ කියන්නේ නැහැ. පන්දු රකින්නෙක් කියන්නේ කාගේත් කතාබහට ලක් නොවන කෙනෙක්. උඩපන්දුවක් ඇල්ලුවේ නැති වුණාම තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩා කොහොමද කියලා. ඒනිසා බුද්ධිමත්ව හිතලා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියන්න.
මම දන්නවා මම දැන් අවුරුදු 33 ක ක්‍රීඩකයෙක්. මට ඒ දවස්වල කරපු ලොකු දේවල් කරන්න අමාරුයි. මගේ එකම බලාපොරොත්තුව ලැබෙන හැම පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීම. නමුත් සමහර විට මම දැන් තරග දිනවන පන්දු යවන්නෙක් නෙමේ වෙන්න පුළුවන්. මම මාස 19 කට පසුව තමයි එක්දින තරගයක් ක්‍රීඩා කළේ. ඊට පෙර මං පන්දුවාර 10 ක් යවපු එක ගැන සතුටුයි.
එහෙත් මගේ දක්ෂතා පිළිබඳව මට සෑහීමකට පත්වන්න බැහැ. මොකද මට තරගයක් ජයග්‍රහණය කරවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක ගැන පෞද්ගලිකව දුකක් තිබෙනවා. එහෙත් නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර වගේ ක්‍රීඩකයන් එක්ක බැලුවාම අපි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළා. මම 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය, නායකයා, පුහුණුකරු ඇතුළු පිරිස තීරණය කළොත් මම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා." යැයි වැඩිදුරටත් මාලිංග පවසා සිටියේය.
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
මව හා පියා ඝාතනය කළ සැකකරුවකු මරා පුළුස්සා වලදැමූ පුතා අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනාට ලැබුණු තීන්දුව මෙන්න
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd