ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
ස්ව කැමැත්තෙන් සේවයෙන් ඉවත්වූ විශ්‍රාම වැටුපකට නොව දීමනාවකට පමණක් හිමිකම් කියූ ආබාධිත ත්‍රිවිධ හමුදා සෙබළුන් තමන්ට විශ්‍රාම වැටුපක් ඉල්ලා අරගලයක යෙදුනවා. එහි තත්ත්වය බරපතල වෙද්දී 2017 පෙබරවාරියේ සිට මේ විශ්‍රාම වැටුප ලබා දෙනවා කියලා ආණ්ඩුව පැත්තෙන් කරුණු වාර්තා වුණා. එහෙත් මේ පිරිස එය විශ්වාස කරන්නේ නැහැ. ඇතැම් විට අවස්ථා කීපයකදීම පොරොන්දු කඩවීම නිසා මෙවරත් එය එසේම වේ යැයි ඔවුන් හිතනවා ඇති. ඒ නිසාම ඔවුන්ට පැහැදිලි සහ පිළිගත හැකි පිළිතුරක් රජය ලබා දිය යුතුයි. හමුදා සේවයේ නිසි කාලය සපිරෙනතුරු නොසිට ඉවත් වීමට ඇතැම් විට ඔවුන්ට හේතු තිබෙන්නට ඇති. එහෙත් ඔවුන්ගේ ඉල්ලීමේ සාධාරණ බවක් නැතැයි කියන්නට බැහැ. දේශපාලඥයන් සහ හමුදාවේ ප්‍රධානීන් වෙනුවෙන් සහායකයන් වැහි වැහැලා. ඔවුන්ට වැටුප් ගෙවන අතරේ මේ පිරිසට විශ්‍රාම වැටුපක් දුන්නා කියලා විශේෂ පාඩුවක් රටට වෙයි කියලා නම් කියන්න බෑ. අනෙක් එක යුද්දෙදි ජොනී බට්ටො පෑගුනාම ඒවා පත්තු වුණේ හමුදාවේ සේවා කාලය අහල නෙවෙයිනේ.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd