www.ada.lk
2026 මැයි මස 21 වන බ්රහස්පතින්දා
ස්ව කැමැත්තෙන් සේවයෙන් ඉවත්වූ විශ්රාම වැටුපකට නොව දීමනාවකට පමණක් හිමිකම් කියූ ආබාධිත ත්රිවිධ හමුදා සෙබළුන් තමන්ට විශ්රාම වැටුපක් ඉල්ලා අරගලයක යෙදුනවා. එහි තත්ත්වය බරපතල වෙද්දී 2017 පෙබරවාරියේ සිට මේ විශ්රාම වැටුප ලබා දෙනවා කියලා ආණ්ඩුව පැත්තෙන් කරුණු වාර්තා වුණා. එහෙත් මේ පිරිස එය විශ්වාස කරන්නේ නැහැ. ඇතැම් විට අවස්ථා කීපයකදීම පොරොන්දු කඩවීම නිසා මෙවරත් එය එසේම වේ යැයි ඔවුන් හිතනවා ඇති. ඒ නිසාම ඔවුන්ට පැහැදිලි සහ පිළිගත හැකි පිළිතුරක් රජය ලබා දිය යුතුයි. හමුදා සේවයේ නිසි කාලය සපිරෙනතුරු නොසිට ඉවත් වීමට ඇතැම් විට ඔවුන්ට හේතු තිබෙන්නට ඇති. එහෙත් ඔවුන්ගේ ඉල්ලීමේ සාධාරණ බවක් නැතැයි කියන්නට බැහැ. දේශපාලඥයන් සහ හමුදාවේ ප්රධානීන් වෙනුවෙන් සහායකයන් වැහි වැහැලා. ඔවුන්ට වැටුප් ගෙවන අතරේ මේ පිරිසට විශ්රාම වැටුපක් දුන්නා කියලා විශේෂ පාඩුවක් රටට වෙයි කියලා නම් කියන්න බෑ. අනෙක් එක යුද්දෙදි ජොනී බට්ටො පෑගුනාම ඒවා පත්තු වුණේ හමුදාවේ සේවා කාලය අහල නෙවෙයිනේ.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd