ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 290ක් ලබා ජයග්‍රහණය කර තිබේ. (ආසන 270ක් ජයග්‍රහණය කිරිම ඇමෙරිකාවේ ජනපති වශයෙන් තේරී පත්වීමට ප්රමාණවත්ය)
ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන පසුබිමක් නොමැතිව, වඩාත් ආකර්ෂණීය චරිතයක් ලෙස කරළියට පැමිණි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා පාලනයේ මෙන්ම, ප්‍රධාන දහරාවේ මාධ්‍යවලද පරාජයක් බව විදෙස් විචාරකයෝ පවසති.
ජනාධිපතිවරණය ආරම්භයේ සිටම ප්‍රධාන දහරාමේ මාධ්‍යවලින් සහයෝගයක් නොලැබූ ට්‍රම්ප්, විවිධ බාධක මධ්‍යයේ තරග බිමේ සිටි ට්‍රම්ප්, ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කිරීමේ සටන් පාඨයෙන් තරග කළේය.
එමෙන්ම, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත ජනපති ඔබාමාගේ නොමද සහයෝගයක් ලැබුණත්, වරින්වර මතු වූ ඊමේල් ගනුදෙනු සිද්ධීන් ඇයගේ ජනප්‍රියත්වයට බලවත් තර්ජනයක් එල්ල කර තිබුණි.
ඒ අනුව, දැන් ඇමෙරිකාවේ සුක්ඛානම නවක චරිතයක් අතට පත්ව තිබේ. සිය ජනාධිපතිවරණය අභියස වඩාත් කතාබහට ලක්වූ මාතෘකා රැසක් කතා කළ ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක පොලිස්කාරයෙකු කිරීමට වඩා, ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන ඇමෙරිකාවක් කරනු ඇති බව බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd