නවම් පෙරහර වීදි සංචාරය කරයි
කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.
පෙරහරේ මංගල හස්ති රාජයා වූ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සධාතුක කරඬුව තැන්පත් කළේය.
වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ,තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි සහ විහාරස්ථ ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමිවරුන්ගේ මූලික අධීක්ෂණයෙන් පෙරහර කටයුතු සංවිධාන කෙරිණි.
මෙවර නවම් පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 43වැනි වරටයි.මෙවර නවම් මහා මංගල්‍යයේ අවසන් පෙරහර හෙට (16දා) පස්වරුවේ වීදි සංචාරය කරයි.
ඡායාරූප ළහිරු හර්ෂන




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

