කටින් පිළිතුරු ලියා ශිෂ්‍යත්වය සමත් දිනූෂා
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නූ දරුවන් පිළිබඳව මුළු රටේම අවදානය යොමු වෙද්දී විශේෂ අවශ්‍යතා සහිත දියණියක් කටින් පෑන හසුරවමින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා සිටී. ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය
දිනුෂා බණ්ඩාර නම් වන 11 වියැති මෙම දියණිය මාවනැල්ල කලාපයට අයත් කොටගල අශෝක පුර විශේෂ පාසලේ ඉගෙනුම ලබන්නීය. මෙම දියණිය කටින් අකුරු ලිවිම හා චිත්‍ර ඇඳීමට දක්ෂතා පෙන්වන අතරම ඇය සමස්ත ලංකා මට්ටමින් පවා චිත්‍ර ඇඳ ජයග්‍රහණ ලබාගැනීමට සමත්වී තිබේ. සිය පාසලෙන් මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් අතරින් ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේද දිනූෂාය. හොඳින් ඉගෙන ගෙන පාසලේම ගුරුවරියක වි අනාගතයේ මෙහි ඉගෙනුම ලබන අයට අධ්‍යාපනය ලබාදීම සිය අපේක්ෂාව බව ඇය පවසන්නීය.
සමන් විජය බණ්ඩාර






popular news
-
Jaya Shri Thursday, 11 October 2018 01:41 PM
තෙරුවන් සරණයි රත්තරන් දු පැටියාට... ජයෙන් ජයම වේවා අනාගතය ..
Reply : 0 2
Champa Thursday, 11 October 2018 03:35 PM
හරිම ආඩම්බරයි මේ දරුවා ගැන. ඇගේ ධෛර්යයත් උත්සාහයත් පුදුම එලවන සුළුයි. මේ හිනා වෙලා ඉන්න මූණ හරිම සිරියාවයි. ඉතාම සුභ අනාගතයක් වගේම ගුරුවරියක වීමේ ඇගේ ප්‍රාර්ථනාවත් ඒ විදිහිටම ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

