සංගක්කාර, මහේල පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දෙති
ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.
අතිශය දුෂ්කර මෙම කාල සීමාව තුළ උතුරු ප්‍රදේශයේ මෙන්ම ඊට අමතරව කෑගල්ල සහ රුක්මල්ගම ප්‍රදේශවල පවුල් 7000ක් පමණ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව අවශ්‍යතා ඇති අය තෝරාගනිමින් මෙම වියළි සලාක පරිත්‍යාගය සිදු කර තිබේ.
පළමු වටයේදී වියළි ආහාර සළාක ඇසුරුම් 5000ක්ද අනතුරුව තවත් ඇසුරුම් 2000ක්ද පරිත්‍යාග කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණීමෙන් පසු සිය ස්වයං නිරෝධායන කාලය අවසන් කරමින් මෙම සද්කාර්යයට හවුල් වී තිබිණ.
දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් ද කොළඹ මහ රෝහලට සහ හෝමගම රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළහ.




popular news
-
Devinda Uduwara Monday, 30 March 2020 11:29 PM
It's a great precedence.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

