ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්රහස්පතින්දා
ට්රැවල් කරන එක කැම්මැලි වෙච්ච මිනිස්සු ඉන්නවා. ට්රැවල් කරනවට වඩා සෝෆාවක ඇල වෙලා ටීවී එකේ මැච් එකක් බලාගෙන ඉන්න එක සතුටක් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සුන්ටත් ට්රැවල් කරන්න හිතෙන විදියෙ වැඩක් කරපු තරුණයෙකු අද අප හා සංවාදයකට එකතු වෙනවා.
ට්රැවල් කරන්න කැමරාවක් අරගෙන යන මනුස්සයෙක් ගේන පින්තූර අපි මින් පෙර දැකලා තියෙනවා. සාම්ප්රදායික ට්රැවල් ඩෙස්ටිනේෂන්ස් සහ වනසතුන්ගෙන් පිරි ඒ පින්තූර දැකලා තියෙන අපේ ඇහැට වෙනසක් දෙන්න උත්සාහ කරන හරිත් සංකල්පගේ වැඩ ටිකක් මේ පින්තූර ඇතුළෙ තියෙනවා.ඔහුගේ පින්තූර අපව දුර ගමනක රැගෙන යාවි.
"ට්රැවල් ෆොටෝග්රැෆිවලින් මුදල් හම්බු කරන පසුබිමක් මම මේ වැඩේ පටන් ගනිද්දි මට තිබුණේ නෑ. දැන් නං මම කරන පින්තූර බොහෝ තැන්වලින් මිලදී ගන්නවා. වරද්දා ගන්න හොඳ නැහැ මම කරන්නෙ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆි නෙමෙයි. මම කරන්නෙ ට්රැවල් සහ නේචර් ෆොටෝග්රැෆි.
මම කවදාවත් කවුරුවත් හදපු ප්රීසෙට්ස් භාවිත කරන්නෙ නෑ. එහෙම කරන එඩිට් එකක් වැඩක් නෑ. එහෙම දෙයක් මේ දේට පුරුදු වෙද්දි වගේ ප්රයෝජනවත් වුණත්, ඒ මතම ඇලිලා ඉන්න එක නම්, හොඳ දෙයක් නෙමෙයි. මගේ කලර් කම්බිනේෂන් එක ඔලුවෙ තියාගෙනයි මම පින්තූරයක් අර ගන්නෙ. මම තාමත් කිසිම සම්මාන උළෙලකට ඉදිරිපත් වෙලා නෑ. මගේ සමහර ඡායාරූප එකතු ෆේස්බුක් එක ඇතුළෙ ෂෙයාස් 15,000ක් පවා ඉක්මවලා තියෙනවා. ඒ අනුව මගේ පින්තූරවලට මිනිස්සු කැමතියි කියලා දකින්න පුළුවන්."
සටහන - රචින්ත ජයවර්ධන/ ඡායාරූප - හරිත් සංකල්ප
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd