ADA
www.ada.lk
2026 ජනවාරි මස 25 වන ඉරිදා
කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
යුද හමුදාව මගින් ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර ඊයේ දිනයේ ද විශාල පිරිසක් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන් සමග කතාබහ කළ ජනාධිපතිතුමා තොරතුරු ද විමසා බැලීය.
දින දෙකක් තුළදී 244,251 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති අතර පළමු මාත්‍රාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම ඊයේ (02) ආරම්භ කෙරිණ. එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට කැපවී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සියලු දෙනාට ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.
සෞඛ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
රන් මාල හොරා කැමරාවේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd