‘වීරයා’ සහ ‘ජගතා’ මුහුදුබත් කෙරේ
නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත්ව තිබූ ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු යන නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී සිදුකිරීමෙන් අනතුරුව, කෘතිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට පෙර නෞකා ද්විත්වයේ ප්‍රයෝජනයට ගතහැකි සියලු යාන්ත්‍රික කොටස් නෞකාවන්ගෙන් ගලවා ඉවත් කර, සාගරික පරිසරයට හිතකර වන ලෙස සූදානම් කෙරිණි.
ඒ අනුව ‘වීරයා’ ලෙස හැඳින් වු පී 311, 2020 ඔක්තෝබර් 22 දින ත්‍රිකුණාමලය ‘රොකී පොයින්ට්’ (Rocky Point) සහ ‘සැන්ඩි බේ’ (Sandy Bay)වෙරළ තීරය අතර වූ මුහුදු ප්‍රදේශයේ ගිල්වා දැමීම සිදුකල අතර, ඊට යාබදව ඔක්තෝබර් 26 දින ‘ජගතා’ ලෙස හැඳින් වු පී 315, ගිල්වා දැමීම සිදුකෙරිණි. මෙම නෞකා ද්විත්වය නාවික හමුදාව විසින් පසුගිය ජුලි මස ‘සැන්ඩි බේ’ මුහුදු තීරයේ විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන දිය යට කෞතුකාගාරයේ සිට මීටර් 25ක් පමණ ඊසාන දෙසට වන්නට දියයට ස්ථානගත කරන ලද බැවින් මේ වන විටත් දිය යට කෞතුකාගාරය ආශ්‍රිතව නිර්මාණය වී ඇති මත්ස්‍ය අභිජනන පරිසරය මෙම නෞකා ආශ්රිත මත්ස්‍ය අභිජනන අඩවියක් පහසුවෙන් නිර්මාණය කිරීමට මහත් රුකුලක් වනු ඇත.
නාවික හමුදාව, පසුගිය යුධ සමයේදී නැගෙනහිර මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අත්හැරදමා ගොස් තිබූ වේ ලින්ග් (We Ling) නමැති නෞකාව A522 ලෙසින් භාවිතා කිරීමෙන් අනතුරුව, 2018 වසරේදී මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී මේ අයුරින්ම කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා ගිල්වා දැමීමට කටයුතු කෙරිණි.
‘සැන්ඩි බේ’ මුහුදු ප්‍රදේශය අශ්‍රිතව නිර්මාණය වන මෙම නව සාගර පරිසර පද්ධතිය තුලින් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සඳහා ඉදිරියේදී වැඩි ආර්ථික ප්රතිලාභ හිමිකරගැනීමට මෙන්ම නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හැකිවීමෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවටත් මහඟු අවසතාවක් උදාවනු ඇතැයි නාවික හමුදාව අපේක්ෂා කරයි.







popular news
-
janahitha Thursday, 29 October 2020 06:59 PM
meka moda vadak vage apita peenava aluth vadiya kara pravahanaya barida? bari nam pradarshanaya sandaha godamima thabanna barida ?
Reply : 0 0
Lakshmi renuka Akmeemana Tuesday, 03 November 2020 03:06 PM
ගොඩක් හොඳයි .තවත් හොඳට කරන්න ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

