ADA
www.ada.lk
2025 මැයි මස 06 වන අඟහරුවාදා
චීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් 'එක් තීරයක් - එක් මාවතක්' සංවර්ධන උපායමාර්ගය ලොවට හඳුන්වාදී පස් වසරක් සපිරීම නිමිත්තෙන් අද (24දා) උදෑසන කොළඹ ගලධාරී හෝටලයේදී සංවත්සර උත්සවයක් පැවැත්විණි.
ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ ප්‍රධානත්වයෙන්, හා විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමය (CPAFFC) මගින් සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.
ලංකාවේ චීන තානාපති කාර්යාල හා චීන මිත්‍රත්වය සඳහා වන දකුණු ආසියානු සංගමය (OSARFFC) මෙම සමුළුවට සහභාගි වෙයි.
'එක් තීරයක් - එක් මාවතක්' 21 වැනි සියවසේ සේද මාවත සංවර්ධන උපායමාර්ගික සැලසුම් මගින් සමස්ත ලෝකයටම ප්රතිලාභ ලැබෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.
එහිදී 'එක් තීරයක් - එක් මාවතක්' සංකල්පය කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, මධ්‍යම ආසියාව මැද පෙරදිග හරහා පැවැති ඉපැරණි සේද මාවත (One Belt one Road) ඔස්සේ ද, එමෙන්ම ආසියාව අප්‍රිකාව හා යුරෝපා රටවල් සමග සම්බන්ධතා තරකර ගැනීම යටතේ සමුද්‍රික සේද මාවත (one Road Initiative) ක්‍රියාත්මක වෙයි.
ශ්‍රී ලංකාවද 'එක් තීරයක් - එක් මාවතක්' වැඩසටහන යටතේ ප්‍රධාන මධ්‍යස්ථානයකි.
සටහන/ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
මන්ත්‍රී චාමර සම්පත්ට අද ලැබුණු නියෝගය මෙන්න
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
මව වෙනුවට දරුවා පොලිස් භාරයට ගත්තාද? පොලීසියෙන් පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd