ADA
www.ada.lk
2025 ජුලි මස 05 වන සෙනසුරාදා
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (01) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලිමෙන් වටවල නගරයේ පහත්බිම් රැසක පිහිටි නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
පහත්බිම් වල පිහිටි සැම නිවසකම අඩි 4 පමණ උසට ජලය කාන්දු වි ඇති අතර,එම නිවාස වල තිබු පදිංචිකරුවන්ගේ පෞද්ගලික භාණ්ඩ රැසක් වැසි ජලයෙන් යට වි විනාශ වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
වැසි ජලය නිවාස වලට කාන්දු විම හේතුවෙන් අවතැන් වු පවුල් 30 කට අයත් සමාජිකයන් ආරක්ෂිත කරා යොමු කල බව වටවල පොලිසිය පැවසිය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් අපේක්ෂා රෝහලට පස් මහල් වාට්ටු සංකීර්ණයක්
’Starlink’ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව මස්ක් තහවුරු කරයි
ලංවිම හිටපු සභාපතිවරයෙකු එකවර ආයතන 2කින් වැටුප් අරන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd