සෞභාග්‍ය කරා යන්න ලංකාවට උදව් කරන බව ඇමෙරිකාව කියයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකානු රජයේ ඉහළ මට්ටමේ දූත පිරිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් මහතා, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර රාජ්‍ය ලේකමස් කෙලී කේඩරින් මහත්මිය මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මත්මිය ඇතුළු පිරිසක් මෙසේ ජානපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රි ලංකාව මේ වන විට ගෙවා දමමින් පවතින අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රි ලංකාවට අවශ්‍ය දීර්ඝ කාලීන සහාය ලබාදෙන බවත් සෞභාග්‍යමත්, ආරක්ෂිත හා ප්රජාතන්ත්රවාදී අනාගතයක් වෙනුවෙන් ශ්‍රි ලංකාවට උපකාර කරන බවත් ඇමෙරිකානු නියෝජිත පිරිස මෙහෙිදී ජනපතිවරයාට සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

