සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත්, බුද්ධම, නාපේ ප්‍රදේශයේ පිහිටි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්,කෙසෙල්කුඹුර රජයේ රක්ෂිත වනාන්තරයේ අක්කර 40ක පමණ කැලෑවක් හෙළිකර, කිසියම් සංවිධාත්මක පිරිසක්, එම ඉඩම් අල්ලාගැනීමට උත්සහකර ඇතැයි ජාතික ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අජිත් අගලකඩ මහතා පවසයි.
මංත්‍රීවරයා පවසන්නේ, ගම්වැසියන් විසින් කළ පැමිනිල්ලකට අනුව, සියඹලාන්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග එම ස්ථානයට ගොස් සිදුකල සොයා බැලීමකදි මෙි බව අනාවරණය වු බවයි.
අම්පාර සේනානායක සමුද්‍රයේ, පෝෂක වනාන්තරයක් වන සෙල්ලක්කාව අභයභුමියට යාබදව කෙසෙල්කුඹුර රක්ෂිතය පිහිටා ඇති බවත්,වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව මගින් පාලනය වන මෙම වනාන්තරය හෙළිකිරිම සිදුකර ඇත්තේ ගම්වැසියන් පිරිසකගේද සහයෙන් පිටස්තර පිරිසක් බවත්, සියඹලාන්ඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත ප්‍රදීප් මහතා පෙන්වා දෙයි.
අප මෙි සම්බන්ධයෙන් විමසීමට වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවේ සියඹලාන්ඩුව අඩවියේ, අඩවි නිළධාරි සුනෙත් වීරවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධකරගැනීමට උත්සහකලද, එම උත්සහය අසාර්තක විය. ඒ අනුව අප මේ සම්බන්ධයෙන් මොණරාගල දිසාවන නිළධාරී චමින්ද ලියනාරච්චි මහතාගෙන් කල විමසිමකදී ඒ මහතා මෙසේ පැවසීය.
“ මෙි සිදුවීම සමිබන්ධයෙන් තොරතුරැ ලැබුනු පසු, පොලිස් විශේෂ කාර්ය බලකායෙත් සහය ලබාගෙන මෙි ස්ථානය නිරික්ෂණය කරන්න මමත් ගියා.මෙි ස්ථානය තියෙන්නේ ගල්ඔය වනෝද්‍යානයට මායිම්වයි. එය ඉතා වටිනා ස්වභාවික වනාන්තර කොටසක්. මෙි කැලේ තැනින් තැන තමයි හෙලිකරලා තිබුනේ. ඉතා සංවිධානාත්මකව මෙි විනාශය කරලා තියෙන බව සිද්ධිය නිරික්ෂනය කරන්න ගියාම මටත් තේරැනා.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරැවන් 04කු අත්අඩංගුවට ඇරන්, ඔවුන්ට එරෙහිව නඩු පවරලා තියෙනවා. මෙි සැකකරුවන් ගමේ පිරිසක් නෙමෙයි. ඊට ආසන්න ගමක ව්‍යාපාරිකයින් පිරිසක්. කොහොම උනත් දැන් වැඩෙි නතරවෙලයි තියෙන්නේ, අපි මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා’’ දිසාවන නිලධාරිවරයා පැවසීය.
මොණරාගල නයනජීව බණ්ඩාර








