සියලුම දුම්රිය සේවකයන් ස්ථිර කරන ලෙස ඉල්ලා අග්රමාත්යවරයාට සන්දේශයක්
ආදේශක, අනියම් තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් පිරිස ස්ථිර කිරීමේදී සේවකයන් හත්සිය දෙනෙකු නොසලකා හැර තිබෙන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා මෙම පිරිසත් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස පවසමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සන්දේශයක් භාරදීමට දුම්රිය සේවකයන් අද (17දා) කටයුතු කළේය.
කොම්පඤ්ඤ වීදිය දුම්රියපොළ ඉදිරිපිට සිට අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් පැමිණ දුම්රිය සේවකයන් විසින් මෙම සන්දේශය භාරදීමට කටයුතු කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා







popular news
-
Kumar Thursday, 18 July 2019 09:43 PM
දැන් රැකියාව හරියට නොකලොත් ගෙදර යවන්න පුලුවන්ද. ඔය රැකියාවට බඳවා ගන්නකොට තාවකාලික ර්කියාවක් වග දැනුම දුන්නේ නැද්ද. ආණ්ඩුවේ ලැජ්ජාව ගැන කියන්න ඕනෙ නැහැනේ, රජෙයේ ඉන්න අය කරන වැඩ ගැන අහන අපට ලජ්ජා හිතනෙව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

