සිංහරාජ පරිවාරයක ගස් විෂ රසායනික ද්‍රව්‍ය දමා මරා දමයි
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසිවනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.
උපුටා ගැනීම
“සිංහරාජ රක්ෂිතය මේ වන විට හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් සමන්විත උවද සිංහරාජය වටා සමන්විත පරිවාර රක්ෂිත සමගින් අතීතයේදී මේ වනාන්තරය විශාල ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව තිබී ඇත. ඒම පරිවාර රක්ෂිතද සිංහාරජය හා සමාන ඉහල ජෛව විවිධත්වයක් මේ රක්ෂිත තුළද දැකිය හැකිය.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා ඇත. මෙම රක්ෂිතය පෞද්ගලික සමාගමක් විසින් විස රසායන ද්‍රව්‍යය යොදාගනිමින් විනාශ කරන බවට ගම්වාසීන් පවසයි.
වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගත පිරිසක් මගින් යන්ත්‍ර යොදාගනිමන් සිදුරු කර ඒතුලට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කල හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකිය.
දැනටමත් විශාල හානියක් සිදු වී ඇති කුඩුමීරිය වැසි වනාන්තරය වාහනයකින් ළඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් සැඟව අති භූමියකි. කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝෂණය කරන ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුලු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුළ ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය සෘජුවම දායක වේ. එසේම, වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ද්‍රව්‍ය ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කරන ජලමුලාශ්‍ර වලට ඇතුළු වීම තුලින් ඔවුන් විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.
මෙම රක්ෂිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සලකා බලා පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන විට සිදු කර ඇති අතර අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක්ද කර වාර්තාවන් සකසා ඒ පිළිබඳ අදාළ කටයුතු කෙරෙමින් පවතී. ඒසේ සිදුවන වටපිටාවක් තුළ මෙම වනාන්තරය විස රසායන මගින් විනාශ කිරීම බරපතල අපරාධයකි.”





popular news
-
raawana Thursday, 04 October 2018 10:17 AM
අදාළ එවුන් තවම මේක පත්තරෙන් දැකල නැතුව ඇති,
Reply : 0 4
එම්. ඒ. ජේ. Thursday, 04 October 2018 10:28 AM
දේශපාලකයින් ද, ඔවුන්ට සේවය කරන රාජ්‍ය නිළධාරින්ද, ව්‍යාපාරිකයින් ද, විවිධ හෙංවයියන්ද මේ රටට කරන්නේ රටකට-ජාතියකට දැරිය හැකි විනාශයන් නොවේ. ඔවුන් රටට කළ හැකි සියලුම විනාශයන්ට මුල පුරා ඇත. දැන් මේ ක්‍රමයෙන් රට බේරා ගැනීම පහසු නොවේ. මේ අධම මිනිස්සුන්ට ශාපවේවා කියනවා හැර, රට වැසියෙකු ලෙස වෙන කියන්නට දෙයක් නැත.
Reply : 0 112
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

