සාරා ලංකාවෙන් යයි
තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නියමුවරිය සාරා රදෆර්ඩ් මෙනවිය අද (30දා) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි ගමන් ඇරඹුවාය.
ඇය ලංකාවේ දින දෙකක් ගත කල අතර එහිදී ලංකාවේ තේ බොහොම රසවත් බවත් එම අත්දැකීම ඇයගේ සිත් ඇදගත් බවත් ඇය පැවසීය.
ඇයගේ චාරිකාවේදී ලංකාව 40 වැනි රට වු අතර ඉන්දියාව 41 වන රට ලෙස සනිටුහන්ව ඇත. ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා තවත් රටවල් 12කට යාමට නියමිතය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා







popular news
-
Nandana Friday, 31 December 2021 09:36 AM
Thank you for visiting my country, may tripple gem bless you!,.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

