ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය අදට (07) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න හිමියන් පැවැසූහ.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා චාරිත්‍රානුකුලව ශ්‍රි පාද පද්මය (07) දින උදැසන යෙදුණු සුභ නැකතට අනුව චාරිත්‍රානුකුලව සුවද පැනින් දෝවනය කිරිමෙන් අනතුරුව වැඩම්ම වු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරිණ.
2022-2023 ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස සලකා පරිසරය රැක ගනිමින් ශ්‍රී පාදස්ථානය කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.
හැටන් රංජිත් රාජපක්ෂ/ මස්කෙළිය ගාමිණී බණ්ඩාර
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd