ශ්‍රීලනිප 16 සහ ජානිපෙ අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
එම සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, තමන් ඇතුළු පිරිස අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව කටයුතු කළ අතර පසුව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් බවත් ඉදිරියේදී ආණ්ඩුව වෙනස් කිරීම සඳහා විපක්ෂයේ බහුතරය සමග පොදු වැඩපිළිවෙළකට යොමු වන බවත් එහි පළමු පියවර ලෙස ජනිපෙ සමග මෙලෙස සාකච්ඡාක නිරත වූ බවත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.




popular news
-
Ruwan Tuesday, 26 June 2018 06:18 PM
කතා කරපු පිරිස දැක්කම අපිට හිතා ගන්න පුළුවන් පක්ෂයේ තියෙන බන්කොලොත්බවය. පක්ෂයකට ගිය කලක්.
Reply : 0 1
silva Thursday, 28 June 2018 08:45 AM
අනාතයෝ....
Reply : 0 0
Champa Thursday, 28 June 2018 04:33 PM
විමල් අනේපිඬු වීරවංශ is helping those who are in need (of future votes.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

