විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවිකයින්
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
අති දුෂ්කර වූ විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී 29 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාළාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීමෙන් පසුව නාවික හමුදාපති විසින් මෙම පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්රදානය කෙරිණි. එහිදී, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා, දක්ෂතම ක්‍රීඩකයා සහ අතිශූර සාමාජිකයා වශයෙන් උප ලුතිනන් ඒජීආර්එච්එන් අතපත්තු ද, දක්ෂතම වෙඩික්කරු වශයෙන් සාමාන්‍ය නැවි ආර්ඩී ඩිලාන් ද, දක්ෂතම පිහිණුම්කරු ලෙස සාමාන්‍ය නැවි අයිජීඑල්සී ගුණරත්න ද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නැවි කේකේඒඑන් දේශප්‍රිය ද නාවික හමුදාපති වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදි.
තවද, විශේෂ යාත්‍රා බලඝණයේ සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් 29 වන බඳවා ගැනීමට අයත් නාවික පුද්ගලයින් විසින් ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රීලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක්විය.







popular news
-
Rocky Saturday, 11 June 2022 07:37 AM
Langadeema Usas weem ehemath balaaporoththu wenna puluwani !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

