විධායක නිලධාරීන් මහ පාරට
වැටුප් හා දීමනා විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විධායක සේවාවලට අයත් වෘත්තීය සමිති 05ක නියෝජිතයෝ අද (09දා) අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළහ.
මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිට මුදල් අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමටද වෘත්තීය සමිති නියෝජිතයෝ කටයුතු කළහ.
එහිදී වෘත්තීය සමිති සාමාජිකයෝ තම වැටුප් හා දීමනා ගැටලු විසඳන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යාංශයට සන්දේශයක්ද බාර දුන්හ. අධිකරණ සේවාවල නිලධාරීන්ට සියයට තුන්සියයකින් වැටුප් වැඩි කිරීම හේතුවෙන් විධායක සේවාවලට විශාල වැටුප් ගැටලුවක් ඇතිවී තිබෙන බව දේශීය ආදායම් පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.









මීට අමතරව ඉදිරියේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා දීමනා ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවත්, ඒ හරහා විශාල දීමනා ගැටලුවක් ඇති වන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
අදාළ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බවට මුදල් අමාත්‍යාංශ බලධාරීන් අද (09දා) පොරොන්දු වූ බවද හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
-
Champa Monday, 09 July 2018 06:28 PM
පොඩි මිනිහ ගැන කතා කරන්න කවුරුවත් නැහැ. කතා කලොත් කඳුළු ගෑස්. බැටන් ප්‍රහාර. වතුර මල්. එලව එලව ගහනවා. පලවා හරිනවා. විධායක ශ්‍රේණියට වතුර ගහන්න බයයි. දැන් ඉතින් සියයට තුන් සීයකින් පඩි වැඩි කරයි. කම්කරුවාගේ වැටුපත් සියයට තුන් සීයකින් වැඩි කල යුතුයි කියන්න බයයි. ගුටි කන්න වෙන හින්ද.
Reply : 6 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

