ADA
www.ada.lk
2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා
දින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානූකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.
තවත් විධායක අගමැතිවරයෙකුට බලය ලබානොදෙන අයුරින් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවත්,ඒ වෙනුවෙන් රට තුළ ජීවිත පරිත්යාලයෙන් සටන් කිරීමට අලුත් පියාපත් සංවිධානය සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.
වසර 41ක් තුළ විධායක ජනාධිපතිධූරය රටට දැවැන්ත විනාශයක් සිදුකර තිබෙන බවත්,මේ වසරෙදී විධායක ජනාධිපතිධූරය අහෝසි කරන තැනට රට ගෙන යායුතු බවත් හෙතෙම කීය.
‘තවත් විධායක ජනාධිපතියෙක් එපා‘ මැයෙන් කොටුව දුම්රියපළ ඉදිරිපිට අලුත් පියාපත් සංවිධානය පැවැත්වූ විරෝධතා වැඩසටහනට එක්වෙමින් එරංග ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
සිවිල් සංවිධාන කිහිපයක් නියෝජන කරමින් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පක්ෂව පැමිණි සිටි පිරිස බැනරයකට අත්සන් තැබූහ.
ඡයාරූප ඉසුරු පෙරේරා
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්‍යාවක්
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd