විජය පුවත්පත් ආයතනය අනුග්‍රහයෙන් යොවුන් නවකතා ත්‍රිත්වයක් එළිදැක්වේ
විජය පුවත්පත් සමාගමේ විජය ළමා පුවත්පත සහ එම්.ඩි. ගුණසේන ප්‍රකාශන සමාගම එක්ව පාසල් සිසුන් හා ගුරුවරුන් අතර සංවිධානය කළ පොත් ලියන ඉස්කෝලේ යොවුන් නවකතා රචනා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජයග්‍රහනය කළ යොවුන් නවකතා පොත් තුනක් අද (20දා) පෙරවරු 9.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත ඩී.සී. මන්ජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරමභක උළෙලේ දී එළි දැක්විණ.
උඩුගම්පල දොරණාගොඩ මහා විද්‍යාලයේ ආචාරිනී ශ්‍යමිලා ඉන්දීවරී තිලකරත්න විසින් රචිත දෙල්ගහ යට පුංචි ගෙදර, රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ නිපුනි චන්ද්‍රසෝම විසින් රචිත දොස්තර පිනී සමග විදේශීය නේවාසිකයා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ගෙත්මිණි ප්‍රියංවදා වැලිකල විසින් රචිත විලාප දෙන ගොවිපලේ වික්‍රමය ජයග්‍රහී පෙත් ත්‍රිත්වයයි.
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ලේඛන කුසලතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විජය පුවත්පත් සමාගමේ විජය පුවත්පතත් එම්.ඩී.ගුණසේන සමාගමත් ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සංවිධානය කරයි. විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ ලාල් ජයවර්ධන, ගුණසේන ප්‍රකාශන සමාගමේ අධ්යක්ෂ රජිව් ගුණසේන, ප්‍රකාශ කළමානකාරු ජයම්පති රාජකරුණා යන මහත්වරුන්ද එක් වූහ.




popular news
-
Gishan vimukthi Thursday, 13 May 2021 07:57 PM
විජය 2013 නොවැම්බර් 19අඟහරුවාදා ලමා පුවත්පත අවශ්‍යයි
Reply : 3 65
Movindu Methnim Friday, 11 June 2021 01:54 PM
පරණ විජය පත්තර ගන්න Web එකක් තියනවද
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

