ADA
www.ada.lk
2025 ජුලි මස 13 වන ඉරිදා
යුද හමුදා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකාය සමගින් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව 09 වැනි වරට සංවිධානය කළ 'වලව සුපර්ක්‍රොස්' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය උඩවලව ජාතික වන උද්‍යානය අසල පිහිටි යුද හමුදා ධාවන පථයේදී පෙරේදා (22දා) පැවැත්විණි.
මෙහිදී එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ වැඩි දස්කම් දැක්වූ උෂාන් පෙරේරා දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් අතර, දක්ෂතම ධාවකයා ලෙස එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 250 දක්වා) යතුරුපැදි ඉසව්වේ ඉහළ දස්කම් දැක්වූ රුමීෂ බුල්ජන්ස් මෙවර සම්මාන දිනා ගත්තේය.
මේ අතර එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් යතුරුපැදි ඉසව්වේ ආධිපත්‍යය තහවුරු කරගෙන සිටි ඉමල් මංචනායකට අභියෝග කරමින් එම ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට දේශාන් සෝලංකි සමත් වූයේ ‘%ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලානය’ හිමි කර ගනිමිනි.
එමෙන්ම මෙවර තරගාවලියේදී අශාන් සිල්වාගේ රථය අනතුරට ලක්වීම හේතුවෙන් ඔහුට එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) ශූරතාව අහිමි විය. ඔහු පසුගිය වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරායි.
ඉසව් 24කින් සමන්විත වූ මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 12ක් සහ යතුරුපැදි ඉසව් 12ක් ඇතුළත් වූ අතර, ඒ සඳහා දිවයිනේ ප්රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
විශ්‍රාම වැටුප් වැඩි නොවීම ගැන පිරිසක් කනස්සල්ලෙන්
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd