වන අලින්ගෙන් වගා ආරක්ෂාවට මී මැසි වැටක්
අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සදහා මීමැසි පාලන වැටක් හදුන්වාදිමට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨය හා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ පර්යේෂණයකදි සමත්ව ඇත.
අලි ඇත් උවදුර දුරුකරණ මිමැසි පාලන වැටලෙස මෙම පර්යේෂණ ව්‍යාපෘතිය නම්කොට ඇති අතර මෙකි ව්‍යාපෘතිය ජනගත කිරිම දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි සිදුකරණු ලැබිය. මීමැස්සන්ගේ ශබ්දයට හා පැමිණිමට අලි ඇතුන් භියක් දක්වන බව මෙම පර්යේෂණයේ දි අනාවරණය වි ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන මොහාන් පෙරේරා සිසුවා විසින් පළමුව මෙම පර්යේෂණ ව්‍යාපෘතිය පිළිබද යෝජනාව ඉදිරිපත්කොට ඇත. ඉන් පසු රුහුණු විශ්වවිද්‍යාලය මගින් මේ පිළිබද පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකිරිම සදහා අවශ්‍ය මුල්‍ය හා යටිතල පහසුකම් ලබාදෙන ලෙස දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලිමක් කොට ඇත.
මොහාන් පෙරේරා සිසුවා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය ලසන්ත අධිකාරම්, රුහුණු විශ්වවිද්‍යාලීය භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ජේ.එස්.පි බෝධික, යන මහත්වරුන් සහ රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික ජිව විද්‍යා අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය අමානි මාන්නක්කාර මහත්මිය සමග එක්ව මෙම පර්යේෂණය සිදුකරණු ලැබිය.
දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති එස්.ඩබ්ලිව්.ජි.ජි සරත් අමරසේකර,අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ජේ.ඒ.එස් ජයසිංහ, කාර්මික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්දිකරණ නිලධාරි ඩි. නිශාන්ත චතුරංග යන මහත්වරුන් විසින් මෙම පර්යේෂණය සදහා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ පුර්ණ සහයෝගය ලබා දි ඇත.
මෙකි පර්යේෂණය කිරිම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර හයක පමණ වපසරියකින් යුතු කොමඩු වගා භුමියක් තෝරාගෙන තිබුණි. එම ප්‍ර දේශය නිරන්තරයෙන් අලි ඇතුන් ගැවසෙන ප්‍රා දේශයක් වන අතර අලි වැටට ඉදිරියෙන් මිටර් හතෙන් හතට මීමැසි පෙට්ටි 20ක් ස්ථාපනය කිරිමට කටයුතු කරණු ලැබිය.
.මීමැසි පාලන වැට අලි වැටට තවත් අදේශකයක් නෙවෙයි. මේ සදහා අලි වැට මෙන්ම මීමැසි පාලන වැටත් තියෙන්න ඕන. තවත් අතුරු භෝගයක් තිබුනහොත් තමයි මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ. මොන වැටවල් තිබුණත් අලියාට වගාභුමිය හොදින් පෙනවා. මී මැසි පාලන වැට ස්ථාපනය කිරිමෙන් පසු අලි ඇතුන් එම වගා භුමිය මගහැර යන බව නිරික්ෂණය වුනා.

එහි සවිකොට තිබු සි.සි.ටි.වි කැමරා පද්ධතිය තුල අලි ඇතුන් වගා භුමිය මගහැර යන බව හොදින් දක්නට ලැබුනා. අලින් වැට කඩන එකත් නතරවුනා යැයි . මෙකි පර්යේෂණ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන මොහාන් පෙරේරා මහතා එසේ කිවේය.
මී මැසි වැටවල් ඉදිකිරිමෙන් අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවමකරගත හැකි බවත් මෙම පර්යේෂණය සාර්ථක බවද රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසති.
මෙම ව්‍යාපෘතිය සාර්ථකයි. ඒ විතරක් නෙවෙයි. මීමැසි පරාගනය තුලින් කොමඩු වගාවේ අස්වැන්න සියයට 30ක් පමණ ඉහළගොස් ඇති බව වගාකරු අපි සමග සදහන් කළා. මීවද තුලින් අමතර ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියෙනවා. මෙම පර්යේෂණය තවදුරටත් දියුණු කරලා අනිකුත් ප්‍රා දේශවලට ද හදුන්වාදිය යුතුව ඇති බැව් දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්දිකරණ නිලධාරි ඩි. නිශාන්ත චතුරංග මහතා පවසයි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජනගත කිරිමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, දකුණු පළාත් ධිවර අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

