ලන්ඩන් කොටස් වෙළඳපොළ අගමැති විවෘත කරයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 08 වන දා පෙරවරුවේ ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීය. සඳුදා පෙරවරු 08 ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්රදායකි.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ව්‍යාපාරික හා මුල්‍ය සබඳතා නව මානයකට ගෙන ඒමේ අරමුණින් ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් වික්‍රමසිංහ මහතාට සමාරම්භක අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබිණි.
මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කොළඹ කොටස් වෙළඳපොල නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.
පෙරවරු 7.58 වෙද්දී වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස විශේෂ සඳලුතලයට කැඳවා ගෙන ගිය අතර, පෙරවරු 8 ට විද්‍යුත් යතුර ක්‍රියාත්මක කොට අගමැතිවරයා කොටස් වෙළඳපොළ විවෘත කළේය. කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජන අවස්ථා පිළිබඳ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ලන්ඩන් කොටස් වෙළඳපොළ ගනුදෙනු ඇරඹිණි.
ලන්ඩන් කොටස් වෙළඳපොළ ගනුදෙනු සියල්ල සඳහා මෘදුකාංග නිර්මාණය කර ඇත්තේත්, එදිනෙදා පරිගණක කාර්යයන් මෙහෙයවීම හා අධීක්ෂණය සිදු කරන්නේත් ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ ශිල්පීන් විසින්ය.
පරිගණක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර, ලන්ඩනයේ උප මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත. ජාත්‍යන්තර තලයේ සිදු කෙරෙන මේ විශිෂ්ඨ සේවාව ලන්ඩන් කොටස් වෙළදපොළ නිලධාරීහු දැඩි ලෙස අගය කළහ.





popular news
-
Don Monday, 08 October 2018 08:12 PM
Excellent !! Well done Srilankan IT staff of LSE
Reply : 0 1
Champa Tuesday, 09 October 2018 06:13 PM
The Operational HQ is located in Sri Lanka with a.sub office in London. Well done guys ! Proud of you. We must promote this type of talents more. Hello, Mr. PM don't sign ETCA enabling Indian IT Consultants to rob our chances. Same goes with Singapore FTA.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

