ලංගම සේවකයන්ට පෞද්ගලික බස් සේවකයන් පහරදෙයි
කිලිනොච්චිය කරඩිබෝක්කු මන්සංධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව ඇත.
කිලිනොච්චියේ සිට යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් සහ වව්නියාවේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අතරමගදී මගින් පටවා ගැනීමේදී ඇතිවූ බහින් බස්වීමක් මෙලෙස පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇත.
එහිදී පෞද්ගලික බස්රථයේ කොන්දොස්තරවරයා බවට සැකකෙරෙන පුද්ගලයා තියුණු ආයුධයකින් ලංගම බස් රථයේ රියදුරුට පහරදෙන අයුරු බස් අසල්වැසියෙකු විසින් ජංගම දුරකතනයකින් වීඩියෝ කර ඇත.
අදාල පහරදීම සම්බන්ධයෙන් පහරකෑම ලක් වූ ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා විසින් පොලීසියට පැමිණිල්ලක්ද ඉදරිපත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

